මෛත්‍රීව අයින් කරලා ඒ නඩුවේම තුන්වැනි වගඋත්තරකරු වැඩබලන සභාපති කරගත්තේ කොහොමද ? – දයාසිරි

Date:

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පැවරූ නඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තිබියදී එම නඩුවේම තුන්වැනි වග උත්තරකරු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කරගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කරයි.

“කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමයි ඒක පවරලා තියෙන්නෙ. මේ නඩුවේ තුන්වෙනි වග උත්තරකරු ඉන්නෙ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා. හතරවැනි වග උත්තරකරු ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා. මේ දෙන්නාම ජ්‍යේෂ්ඨ උපසභාපතිවරු විදියට තමයි වැඩ කරන්නෙ. ඒ වග උත්තරකරුවෙක් වෙන නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති කරලා. මොකක්ද එතකොට මේකෙ වැදගත්කම ? ඔහුටත් විරුද්ධවනෙ මේ තහනම අරගෙන තියෙන්නෙ එහෙනම් ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විතරක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පක්ෂයේ සභාපති විදියට වැඩකරන්න බැරි නම් නිමල් සිරිපාල මහත්තයා කොහොමද පක්ෂයේ වැඩබලන සභාපති වෙන්නෙ ? මේ කරන්න යන්නෙ 18 වෙනිදා වෙනකොට නිමල් සිරිපාල මහත්තයායි ෆයිසර් මුස්තාෆා මහත්තයායි මේ චොදනා පත්‍රය පිළිගන්න තැනට ඇෆිඩෙවිට් එකක් දීලා වැඩේ පටන් ගන්න යන්නෙ. එතකොට මේ දෙන්නාව දාන්නෙ ඇයි ? ඉදිරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම සඳහා. එක පැත්තකි චන්ද්‍රිකා මැතිණියත් එක්ක කුමන්ත්‍රණකාරී විදියට සම්බන්ධ වෙනවා නිමල් සිරිපාල මැතිතුමා, ෆයිසර් මුස්තාෆා මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා සහ දුමින්ද දිසානායක මැතිතුමා. මේ සියලු දෙනාම මේ කුමන්ත්‍රණ ක්‍රියාවලියේ නායකයො බවට පත්වෙලා තියෙනවා”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...