රුපියල් බාල්දු වෙන්න බලපෑ හේතු අටක් ගම්මන්පිලගෙන්

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වීම සඳහා බලපෑ හේතු පිළිබඳව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කරනවා.

ගම්මන්පිල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊට බලපෑ හේතු 08 ක් පිළිබඳව පෙන්වා දෙනවා.

1 දිගු කාලයක් විනිමය අනුපාතිකය කෘත්‍රිමව තබා ගැනීම
2 ආනයන වියදම් සහ අපනයන ආදායම අතර විශාල පරතරය
3 උද්ධමනයට වඩා අඩු පොලී අනුපාත පවත්වා ගැනීම, ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය කිරීමට මිනිසුන්ට බල කිරීම
4 මුදල් මුද්‍රණය කිරීමෙන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීම
5 ආනයනික භාණ්ඩ අවශ්‍ය වන නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ආනයනික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීම
6 ගෙවුම් ශේෂ පරතරය මූල්‍යකරණය සඳහා විදේශ ණය මත දැඩි ලෙස යැපීම
7 නැවත සාකච්ඡා කිරීමට අපහසු ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළ ණය ගැනීම් සඳහා දැඩි ලෙස නිරාවරණය වීම
8 විදේශ ණය නැවත ගෙවීම ගැන නියමිත වේලාවට සාකච්ඡා කිරීමට අපොහොසත් වීම

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...