හරක් කටා සමඟ සබඳතා පැවැත්වූ බුද්ධි ප්‍රධානියා කවුද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW):පාතාල නායකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා නොහොත් නඳුන් චින්තක සමග සබඳතා පැවැත්වූ බුද්ධි ප්‍රධානියකු ගැන විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

ඩුබායි සිටියදී හරක් කටා සමඟ දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයන් ගැන කෙරෙන විමර්ශනයේදී මෙම බුද්ධි ප්‍රධානියා ගැන හෙළි වී ඇති අතර, පොලිසියේ නිලධාරීන් දහනව දෙනෙකු හරක් කටා සමග සබඳතා පවත්වා ඇතැයි තහවුරු වීමත් සමග පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එම විමර්ශන පොලිසි විශේෂ ඒකකයට පැවරීය.

එහිදී නම් කියැවුණු නිලධාරීන් අතර බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සිටින බව හෙළි වී ඇති බව පැවසෙන අතර, මෙම නිලධාරියා ඇතුළු පිරිස අතරින් රාජකාරිමය වශයෙන් තොරතුරු ලබාගැනීමට හරක් කටා සමග සබඳතා පැවැත්වූ අය සිටීද එසේ නැතිනම් හරක් කටාගේ වරදාන ලබමින් මත්ද්‍රව්‍ය ජාලයට උදව් දුන් අය සිටීද යන්න පිළිබඳව සොයා බලන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

හරක් කටාගේ මාසික වැටුප් ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගැනද මීට පෙර තොරතුරු අනාවරණය වී ඇති අතර එක් දූෂිත නිලධාරියකු හරක් කටා ගැන කෙරෙන අභ්‍යන්තර විමර්ශන සම්බන්ධයෙන් දිගින් දිගටම හරක්කටාට ඔත්තු ලබාදී රුපියල් කෝටි හතරක් ලබාගත් බවද විමර්ශන අතරේ හෙළි වී තිබූ බව සඳහන් වේ.

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී සහාය දුන් සහකාර පොලිස් අධිකාරිවරයකු ගැනද වෙනමම විමර්ශන අරඹා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...