සිංහල – හින්දු අලුත් අවුරුදු සමය ලංගමට සුබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW):  ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර, සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා එම ආදායම ඉහළ ගොස් ඇති බව පැවසේ.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කර ඇති බවත්,ඒ අනුව මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේය.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූවේ, මේ අතර ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගවල ආදායම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

අද සිට ලබන 15 වන දින දක්වා අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු මට්ටකින් ඉහළ හා හැකි බවට පුරෝකථනයක් සිදුකළ හැකි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...