මතින් තොර රටක් වෙන්නේ කවදාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW): වාර්ෂිකව හතළිස් දහසක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි. තවද, මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවද හෙළිවී ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාඛ්‍ය නානායක්කාර පැවසූවේ, මේ අතුරින් බහුතරයක් ගංජා භාවිතයට යොමුවී ඇති අතර ගංජා භාවිතයට යොමුවූ පිරිස තුන්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් හෙරොයින් භාවිතය සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් ඇබ්බැහිවී ඇති බවයි.

එමෙන්ම පාසල් ළමුන් බහුතරයක් අතර දුම්කොළ භාවිතයට නැඹුරුවක් පවතින බව හඳුනාගෙන ඇති නමුත් තවමත් අයිස් වැනි මත්ද්‍රව්‍ය පාසල් ආශ්‍රිතව වසංගතයක් ලෙස පැතිරයාමේ අවධානමක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

තවද, සමස්ථ ජනනගහනය අතරින් දුම් නොනඟින දුම්කොළ භාවිතයට ලක්ෂ 15ක් පමණ යොමුවී ඇති අතර විවිධ මත්පෙති භාවිතය සඳහා විසි පන්දහසත් තිස්දහසත් අතර පිරිසක් ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා පනස් දහසකට ආසන්න පිරිසක්ද යොමුව ඇති බව හඳුනගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...