බන්ධනාගාර නිලධාරීන් අසතුටින්, වසර 13කින් පඩි වැඩිවී නැති බවද කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW):වසර දහතුනක් පුරාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට කිසිදු ආකාරයකින් වැටුප් වැඩි නොවීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව සිටින බව නිලධාරිහු කියා සිටී.

නිලධාරිහු පවසන්නේ, මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හයදහසකට අධික පිරිසක් සේවයේ යෙදී සිටින අතර වසර දහතුනක සිට කිසිදු වැටුප් වැඩිවීමක් නොවූ බවයි .

බන්ධනාගාර නියාමකවරයකුගේ මූලික වැටුප රුපියල් 24500ක් පමණ වන අතර සියලු දීමනා සමග එය රුපියල් හතළිස් පන්දහසක් පමණ වන බවත් රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමග මෙය ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති.

දුර බැහැර සිට සේවයට පැමිණෙන ඇතැම් නිලධාරින්ට වැටුප් ගැටලුව බොහෝ සෙයින් බලපා ඇත.

පැය අටක සේවා කාලයක් පැවතියද දිවයින පුරා බන්ධනාගාරවල නිලධාරී හිඟය හේතුවෙන් දැනට රාජකාරියේ යෙදෙන නිලධාරින්ට දැරිය නොහැකි තරමට රාජකාරි පැවරී ඇතැයිද නිලධාරිහු චෝදනා කරති. නිලධාරින්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොමැති අතර සෑම වසරකට වරක් නිලධාරින් වෙනුවෙන් සපත්තු දිය යුතු වුවත් 2022 වසරට අදාළ සපත්තු තවමත් ලැබී නොමැති බවද පැවසේ,

බන්ධනාගාර නියාමකවරුන් ලෙස උපාධිධාරින් සිටියද සුදුසුකම් අනුව එම තනතුරෙන් ඉහළට යාමට ක්‍රමවේදයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...