විපක්ෂ නායකවරයාගේ සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය!

Date:

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුබපැතුම් පණිවිඩයේ තවදුරටත් සඳහන් වන්නේ,

” සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී මෙන්ම ලක්වාසී සිංහල සහ දෙමළ ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් සමරන උත්සව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව තිබේ.

සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාලවකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාලවකවානුවක් නොවූ බව මා විශ්වාස කරමි. බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම, රටේ අභ්‍යන්තර අර්බුද ආදි ගැටලු රාශියකට රට මුහුණදුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී තිබේ. මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

එසේම පවතින බංකොලොත්භාවයෙන් මිදී නැවතත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් ලෙස අප රට පත් කර සාමය, සතුට, සැනසීම සහිත අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගැනීමට ද කාලය එළැඹ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...