මාරක රිය අනතුරක්!

0
429

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 14, කොළඹ (LNW): බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පැවසේ.

මෙසේ මියගොස් ඇත්තේ දොම්පේ, පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් සහ 51 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වේ.

53 හැවිරිදි පියා සහ 22 හැවිරිදි දියණිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .

අලුත් අවුරුද්ද නිමිත්තෙන් නෑගම් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ.