ගමේ ගිය අයට අද සිට අතිරේක දුම්රිය පහසුකම්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 14, කොළඹ (LNW): ගම් බිම් බලා ගොස් සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසයි.

අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර ඇත .

මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම අතිරේක දුම්රිය කාලසටහන පහතින් දක්වා ඇත .

අප්‍රේල් 14 – ප.ව. 3.30 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 14 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 15 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව

අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...