ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡා සාර්ථකයි – සාගල

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW): 2024 මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් ඉතිරි එකඟතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසා සිටී.

අදාළ සාකච්ඡාවේදී කරුණු 4ක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණු අතර එහිදී කරුණු දෙකකට එකගතාව පළවූ බවත්, සෙසු කරුණු දෙක සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බව සාගල රත්නායක මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් තමා ඉතා සුබවාදී ආකල්පයක පසුවන බවත්,මාර්තු මාස අග භාගයේදී ලන්ඩන් නුවරදී බැඳුම්කර හිමියන් මුණගැසී ඇති බවද සඳහන් වේ. එම හමුවීම් බාහිරට අනාවරණය නොවූ ඒවා බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මෙරට මූල්‍ය උපදේශකයින් ලෙස කටයුතු කරන්නේ ලසාඩ් හා නීති උපදේශකයන් ලෙස කටයුතු කරන ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතනයි. සාකච්ඡාවල රහස්‍යභාවය තවදුරටත් ආරක්ෂා කිරීම/ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලට අත්‍යවශ්‍ය වන අතර, එම සාකච්ඡාවලට යන විට බැඳුම්කර හිමියන් මෙරටට යෝජනා කිහිපයක් ලබා දී තිබුණු බව සඳහන් වේ,

මෙරට පාර්ශ්වයෙන් ඒවාට ප්‍රති-යෝජනා ද ලබා දී තිබුණු අතර,මාර්තු මාසයේදී නැවත යෝජනා ලබාදී තිබූ අතර මාර්තු අග සාකච්ඡාවලට යනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට දැනුම් දී තිබුණේ එම යෝජනා මූල්‍ය අරමුදලට අනුකූල බවයි.

එහෙත් බැඳුම්කර හිමියන්ගේ යෝජනා මූල්‍ය අරමුදලට අනුකූල නොවන බව කියා සිටි අතර, ඒ සාකච්ඡාවල දී අපි ගැටළු සහගත කාරණා 4ක් ඉදිරිපත් කර තිබුණි.ඒ එම කාරණා සහ ඔවුන් කියන කාරණා සම්බන්ධවයි. එහෙත් කරුණු දෙකක් සම්බන්ධයෙන් මෙරට නියෝජිතයන් සහ සහ බැඳුම්කර හිමියන් අතර එකඟතාවයක් ඇති වූ අතර කරුණු දෙකක දී එකඟතාවයට පැමිණීමට නොහැකි වූ බව සාගල රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...