නාය යාමකින් ඉන්දුනීසියාවේ 18ක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අධික වර්ෂාව හමුවේ, ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නායයෑම්වලින් 18 දෙනෙකු මිය ගොස් ,තවත් දෙදෙනෙක් අතුරුදන් බව සඳහන් වේ.

මේ වන විට පොලිස් නිල සුනඛයන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් යොදා ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පුද්ගලයන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව දකුණු සුලවේසි ප්‍රාන්ත රජය වාර්තා කළේය.

අධික වර්ෂාව හේතුවෙන් සුලාවෙසි දිවයිනේ නායයෑම්සිදුවූ අතර නිවාස හතරක් විනාශ වූ බව වාර්තා වේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග රැසකටද හානි සිදු වූ අතර, ඒ හේතුවෙන් සහන කටයුතු වලටද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...

නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...