හැමදේම එක පාරට කරන්න බෑ. නමුත් අපි එකින් එක කරමින් ඉන්නවා, ඔබේ සහායත් අවශ්‍යයි – අගමැති

0
456

රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ඒවා එකින් එක විසඳීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“තමුන්නාන්සෙලා දන්නවා, අද රට ඉතාම අසීරු තත්වයක තියෙන වෙලාවක්. එක පැත්තකින් කොරෝනා වසංගතයට මුහුණ පාන්න සිද්ධවෙලා තියෙනවා, මං හිතන්නෙ ඒකට ඉතාම සාර්ථකව අපි මුහුණ දුන්නා. ඒ වගේම වෙනත් ආර්ථික බලපෑම් ඇතිවෙලා තියෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නෙ. නමුත් රජයක් වශයෙන් අපි ජනතාවට දියයුතු, කළ හැකි සියලුම සහන සැලසීම රජයේ වගකීමක් වශයෙන් අරගෙන කටයුතු කිරීමට සූදානම්ව ඉන්නවා. විශේෂයෙන්ම ගමක්, ප්‍රදේශයක් දියුණු වෙන්න නම් මහාමාර්ග, විදුලිය, ජල පහසුකම් ලබාදිය යුතුව තියෙනවා. ක්‍රමානුකූලව එකින් එක අරගෙන සංවර්ධනය කිරීම තමයි අපේ පරමාර්ථය. අපි තමුන්නාන්සෙලාගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙන පිරිසක්. රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනාගත්ත පිරිසක් තමයි අද රට පාලනය කරන්නෙ. එක පාරට, එක දවසකින්. එක පැයකින්, අවුරුද්දකින් සියලු දේ කරන්න පුළුවන්කමක් නෑ. නමුත් එකින් එක ඉටු කිරීමට අපි පියවර ගනිමින් තියෙනවා. ඒ සඳහා ඔබේ සහායත් අපට අවශ්‍ය වෙනවායි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෙ”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ කොලොන්න ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here