ණය උගුලක රට හිරකරපු අය අපිට කතා කරනවා විවාද කරන්න.අපි ලෑස්තියි.සජිත් එන්න එළියට – ටිල්වින්

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ ශ්‍රී ලංකාව හිරකරපු අයම ආර්ථිකය පිළිබඳව විවාදයකට කතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස තනියෙන් මොනවා හරි කීවොත් ඇරෙන්න රූපවාහිනී සංවාදවලට ඇවිත් නැති නිසා සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටු බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ.

“ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයක දී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමඟ ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා. අපි ඒක හොඳින් තේරෙන, සරල භාවකින් කියලා තියෙන්නේ. දැන් ඒ අය ඊට කලින් අනෙක් අය කරන එක හොඳ නැද්ද කියා අහනවා. රූපවාහිනී නාලිකාත් ඒකට ලැහැස්ති වෙනවා. සජිත් ප්‍රේමදාස තනියෙන් මොනවා හරි කීවොත් ඇරෙන්න රූපවාහිනී සංවාදවලට ඇවිත් නැහැ. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි. අනෙක් පැත්තෙන් මැදපෙරදිග තෙල් විකුණනවා වගේ අපේ රටේ සම්පත් විකුණන්න අනුමැතිය දෙන අය තර්ක ඉදිරිපත් කරමින් විවාදයක් ගැන කියනවා. මැදපෙරදිග තෙල් විකුණනවා මිසක තෙල් ළිං විකුණනවාද. ඔවුන් තෙල් නිධිය නොවෙයි නිෂ්පාදිතය විකුණන්නේ. අපි කිරි විකුණනවා වෙනුවට ගොවිපොළ විකුණන්න ලැහැස්ති වෙන්නේ. මේ හාදයන්ට ඕක තේරෙන්නේ නැහැ. ඔන්න ඔය සරල දේවත් තේරෙන්නේ නැති අයට අපි කියන්නේ විකුණන් කෑමේ ප්‍රතිපත්තිය වෙනුවට රට හදන ප්‍රතිපත්තියකට යන්න ඕනෑ. අනෙක් පැත්තෙන් කියනවා නම්, වෙනත් විවාදයක් කරන්න අපි ඒක ඒ වෙලාවට බලාගනිමු.”

මේ රටේ මෙතෙක් උන්නු පාලක කණ්ඩායම්වලට ජනතාව ඉදිරියේ හැමදාම තිබුණේ උත්තර දෙකක් වන අතර එක්කෝ මර්දනය නැතිනම් වරදාන දෙන එක.බව ඔහු කියාසිටියි.

”මේ කාලයේ එයාලට බලයක් නැති නිසා මර්දනය අපහසු වෙලා තිබෙනවා. ඒ වගේම අපිව මිලදී ගන්නත් බැහැ. දැන් බඩු බෙදන්න පටන් අරගෙන තිබෙනවා. දරුවන්ට කෑම බෙදන්න පටන්ගෙන තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර කන්න නැති දරුවන් පාසලේ රැස්වීමේ දි කලන්තෙ දාලා වැටුණා. එතනදි පිහිට වුණේ ගුරුවරු. එදා ඒක රනිල්ට පෙණුනේ නැහැ. අපේ රටේ ලොකුම අර්බුදය මේ නිකම් දීපු එක කිව්ව රනිල් අද උත්සව සමයේ හාල් කිලෝ 20ක් බෙදන්න පටන්ගෙන තියෙනවා. අපට දවස් පහකට කන්න දීලා අවුරුදු පහකට රට කන්න ඉල්ලනවා. ඒ ක්‍රමය වෙනුවට අපේ රටට ප්‍රතිපත්තිමය දේශපාලනයක් අවශ්‍යයි” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...