සර්වෝදය නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න සමුගනී !

Date:

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවිය.

සර්වෝදය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන අතර ඒ.ටී. ආරියරත්න මහතා අඛණ්ඩව වසර 63කට වැඩි කාලයක් එය පවත්වාගෙන යමින් සිය සේවාව ඉටු කළේය.

ජනතාව උදෙසා කළ සේවය වෙනුවෙන් ඒ මහතා මෙරට ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ජනාධිපතිවරයා අතින් 2007 වර්ෂයේ දී ද , ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය) 1969 වර්ෂයේදී ද සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානය (බෙල්ජියම) 1982 වර්ෂයේදීද නිවානෝ සාම ත්‍යාගය (ජපානය) 1992 වර්ෂයේදීද සහ මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) 1996 වර්ෂයේදීද වශයෙන් සම්මානයට පාත්‍ර වී සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...