අමාරු කාලේ මිනිස්සුන්ට බෙදපු බත් ඇටයක් ඇටයක් ගානේ උඹට ස්තූතියි මිත්‍රයා ….

පාලිත තෙවරප්පෙරුම කියන්නේ හොඳ දේශපාලනඥයෙක් නම් නෙමේ, හැබැයි හිත හොඳ මිනිහෙක් ….

පහුගිය කොරෝනා කාලේ පාලිත ගස් බඩගාලා කොස් පොලොස් කඩලා ලොකු අවදානමක් මැද්දෙ, මිනිහගේ උපරිමයෙන් අපි වගේ පොඩි මිනිස්සුන්ට කන්ට බොන්ට දුන්නා… මම හිතන්නේ ඒක රඟපෑමක් නෙමේ.. ඒක මිනිහගේ බොක්කෙන්ම ආපු හැඟීමක්..

ප්‍රතිපලය උනේ ඊළඟට ආපු මැතිවරණයේදී වීදුරු කූඩු ඇතුලේ රඟපාපු උන් පාර්ලිමේන්තු ගියා, මිනිහා ගෙදර ගියා…. පස්සෙ බැලුවාම මිනිහා බෙදපු බත් අරන් ගිය උන්වත් මිනිහට චන්දෙ දීලා නෑ….

පක්ෂෙ, චන්ඩිකම්, මෝඩ වැඩ ඒවා මේවා මොකක් උනත් පාලිත කියන්නේ හදවත සුදු චරිතයක්.. මිනිහා මේ දේශපාලනයට නෑවිත් හිටියා නම් තවත් හොඳයි.. මිනිහා හොරාකලා මහජන මුදලින් ආතල් ගත්ත කෙනෙකුත් නෙමේ..

ජීවීතේ කියන එක ඔහොම තමා මචං…. අමාරු කාලේ මිනිස්සුන්ට බෙදපු බත් ඇටයක් ඇටයක් ගානේ උඹට ස්තූතියි මිත්‍රයා ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...