ඉරාන ඊශ්‍රායල් ආරවුල මෙරටටත් බලපාලාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW): මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සනාථ කල බව වාර්තා වේ. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග බව පැවසේ.

අර්කියා ගුවන් සේවාවට අයත් I Z 639 ගුවන් යානය මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට කටුනායක වෙත පැමිණ තිබිණි. ඊශ්‍රායලයේ සිට සීසෙල්ස් දූපත් වෙත ගමන් කර ඉන්දියානු දූපතකින් විශේෂ ආරක්ෂක උපකරණ හා ආරක්ෂකයන් සමග මෙරටට පැමිණෙන මෙම ගුවන් යානයට ඇතුළු වන මගීන් ගුවන් යානා පර්යන්තයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ගුවන් යානයට නංවා ගැනීම සිදුවිය. මෙම ගුවන් යානය පැමිණ පිටවන තුරු අනවසර කිසිවකුට එහි ළඟාවීමට නොහැකි වූ අතර අති දියුණු ආරක්ෂක පද්ධතියකින් එයට ඇතුළුවන මගීන් පරීක්ෂා කිරීම සිදුවිය. මෙම දැඩි පරීක්ෂාවට මෙරට ගුවන් යානා ඉංජිනේරුවන්ගේ විරෝධයද පළවී තිබිණු බව වාර්තා විය.

මෙම ගුවන් යානය මෙරටට පැමිණීම නිසා ඊශ්‍රායලයේ සාත්තු සේවය ඇතුළු රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට මහත් පහසුවක් වුවත්, එම ගුවන් යානා නැවතීමත් සමග ෆ්ලයි ඩුබායි ගුවන් සේවය මගින් ඊශ්‍රායලයට යාමට ගිය හතළිස් දෙනකු ඩුබායිහිදී අතරමං වූ බවද වාර්තා වූ අතර, ගුවන් ගමන් කාලසටහන අනුව ඊශ්‍රායල් I Z 639 ගුවන් යානය ඊයේ (17 වැනිදා) නැවත සීසෙල්ස් ඔස්සේ ලංකාවට පැමිණෙන ගමනාන්තයක් පෙන්නුවද එය සිදු නොවුණු බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...