ගිනිකන්දක් පුපුරායාමෙන් ඉන්දුනීසියාවේ සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වර්තා වේ.

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් තිබෙන අතර, මෙම ගිනිකන්ද මුහුදට කඩා වැටී සුනාමි රල ඇති විය හැකි බවට ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් අදාළ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සුලවේසි දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගිනිකන්දේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුවූ බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ කම්පන ආපදා මධ්‍යස්ථානය පවසන අතර, බලධාරීන් ගිනිකඳු අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ගෙන ගොස් ඇතැයි ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...