යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග වෙනස් වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව, යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති බව සඳහන් වන අතර, එම තත්ත්වය හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන බවත්, එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි බර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු යොදනු ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වාසිටින්නේ, ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානා නියමිත වේලාවට පැයකට පෙර ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, එබැවින් ලන්ඩන් බලා ගමන් ගන්නා මගීන් ගුවන් තොටුපොළට කල්වේලා ඇතිව පැමිණිය යුතු බව‍යි,

ශ්‍රී ලංකන් ගුවන් බළධාරීන් සඳහන් කළේ , කාල වේලාවන් වෙනස් කිරීමෙන් අපහසුතාවන්ට පත්වන මගීන්ට විකල්ප ගුවන් යානා සහ නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...

ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...