හමාස් සහ තුර්කි නායකයන් ස්තාන්බුල් අගනුවරදී විශේෂ හමුවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් හා හමාස් සංවිධානයේ ප්‍රධානියා අතර ස්තාන්බුල් අගනුවරදී විශේෂ හමුවක් පවත්වා ඇති අතර එහිදී, ඊශ්‍රායලයට දක්වන ශක්තිමත්ම ප්‍රතිචාරය සියලුම පලස්තීනුවන් එක්ව කටයුතු කිරීම බව තුර්කි ජනාධිපතිවරයා නිවේදනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි ජනාධිපතිවරයා හමාස් සංවිධානයේ ප්‍රධානියාව හමුවුයේ, ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භවීමෙන් පසු ප්‍රථම වරට බව වාර්තා වේ.

තුර්කි ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර තිබෙන්නේ, ඊශ්‍රායල හමාස් ගැටුම් ජයග්‍රහණය කර ගෙන යාමේ මාවත පලස්තීනුවන්ගේ එක්ව කටයුතු කිරීමේ හැකියාව මත පදනම් වන බවයි.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කර පළමු දිනයේ සිටම තුර්කිය ඊට තම විරෝධය පළ කළා අතර, 2011 වසරේ සිට හමාස් සංවිධානයේ කාර්යාලයක් ද තුර්කියේ විවෘතව පැවතීම විශේෂත්වයක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...