හමාස් සහ තුර්කි නායකයන් ස්තාන්බුල් අගනුවරදී විශේෂ හමුවක!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් හා හමාස් සංවිධානයේ ප්‍රධානියා අතර ස්තාන්බුල් අගනුවරදී විශේෂ හමුවක් පවත්වා ඇති අතර එහිදී, ඊශ්‍රායලයට දක්වන ශක්තිමත්ම ප්‍රතිචාරය සියලුම පලස්තීනුවන් එක්ව කටයුතු කිරීම බව තුර්කි ජනාධිපතිවරයා නිවේදනය කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි ජනාධිපතිවරයා හමාස් සංවිධානයේ ප්‍රධානියාව හමුවුයේ, ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භවීමෙන් පසු ප්‍රථම වරට බව වාර්තා වේ.

තුර්කි ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර තිබෙන්නේ, ඊශ්‍රායල හමාස් ගැටුම් ජයග්‍රහණය කර ගෙන යාමේ මාවත පලස්තීනුවන්ගේ එක්ව කටයුතු කිරීමේ හැකියාව මත පදනම් වන බවයි.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කර පළමු දිනයේ සිටම තුර්කිය ඊට තම විරෝධය පළ කළා අතර, 2011 වසරේ සිට හමාස් සංවිධානයේ කාර්යාලයක් ද තුර්කියේ විවෘතව පැවතීම විශේෂත්වයක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...