විභාග නැතිව කොරියා යවනවැයි කියා දේශපාලනඥයෙක් තරුණයින් 500 කගෙන් සල්ලි ගරලා ?

Date:

විභාගයට පෙනී සිටීමෙන් තොරව රජය හරහා සෘජුවම කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහාරාම ප්‍රදේශයේ තරුණයින් 500 දෙනෙකුගෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් එකතු කළ දේශපාලනඥයකු පිළිබඳ තොරතුරු මාධ්‍ය තුළ වාර්තා වෙමින් පවතී.

කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බවත් විභාගයකින් තොරව ඉතාම කඩිනමින් ඒ සඳහා පිටත් කරන බවත් පවසා ඇති මෙම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවයි එම තරුණයින් පවසන්නේ.

මේ සඳහා කොළඹ මාකොළ ප්‍රදේශයේ පැවති පුහුණුවකට ද තරුණයින් 60 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගී කරවා ඇති අතර ඒ සඳහාත් එක් අයෙකුට දිනකට රුපියල් 1,500ක් පමණ වැයවී ඇති බවත් සඳහන්.

පුහුණුවට ගිය තරුණයින් සියලුදෙනාම පොලිස් වාර්තා ඇතුළු අවශ්‍ය ලේඛන මෙම දේශපාලනඥයාට ලබාදී ඇති අතර මාස දෙකක් පමණ ගතවී ඇතත් තවමත් කිසිවකු කොරියාවට යවා නොමැති බව පවසන එම තරුණයින් තමන්ට වියදම් වූ මුදල් හෝ යළි ලබාගැනීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක් මතුව ඇති බවත් සඳහන් කර තිබේ.

දිස්ත්‍රික්කයකට රැකියා 50 බැගින් ලැබී ඇති බව පවසා ඇති එම දේශපාලනඥයා වතුකරයේ තරුණයින් කොරියාවට යැවුවහොත් දළු කැඩීමට බාධා ඇතිවන නිසා වතුකරයට ලැබුණු රැකියා ප්‍රමාණය ද තිස්සමහාරාමයට ලබාගැනීමට තමන් කටයුතු කළේ යැයි තමන්ට පැවසූ බවත් එම තරුණයෝ වැඩිදුරටත් පවසති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...