ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද, පහුසවෙන් ගත යුතු නැති පහසු තරගයක

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 25, කොළඹ (LNW):විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 සඳහා සුදුසුකම් ලැබීමට තරග වඳින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය සඳහා අඳ තායිලන්තයට එරෙහිව මුහුණ දීමට නියමිතය.මේ මොහොත වන විට කාන්තා ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා සිටින විශිෂ්ඨ දක්ෂතා ඇති කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කණ්ඩායම අතර වර්ථමාන දක්ෂතා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ ඉදිරියෙන් සිටියත් ජයග්‍රහණය පහසුවෙන් ලැබෙනු ඇතැයි සිතීම සුදුසු නැත.


වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහිතව 2018 දී ක්‍රීඩා කරද්දී තායිලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක ජයක් අත් කර ගැනීම අප අමතක නොකළ යුතුය.එම කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු,කවීශා දිල්හාරි වැනි ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නොසිටිය ද,ශෂිකලා සිරිවර්ධන නායකත්වය දුන් කණ්ඩායමට මේ වන විටත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවෝ වැඩි දෙනෙක් ක්‍රීඩා කළහ.


ඒ නිසා අද පැවත්වෙන තායිලන්තයට එරෙහි තරගය පහසු තරගයක් ලෙස පෙණුනද පහසුවෙන් ගෙන ක්‍රිඩා කළ යුතු තරගයක් නොවන බව අවබෝධ කරගෙන තරග වැදීම වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...