කිරි තේ එකටත් අපමණ අගයක් – රුපියල් 100 දක්වා ඉහළ යයි

Date:

ආපන ශාලාවල අලෙවි කරන කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම මත මෙම තීරණයට එළඹි බවයි ඔහු පවසන්නේ. මීට අමතරව තේ කොළවල මිල ඉහළ යාමද එහිදී සැළකිල්ලට ගෙන තිබෙනවා.

කිරිපිටි මිල ස්ථාවරව පැවතියහොත් ඉදිරි වසරක කාලය තුළදී කිරි තේ එකක මිල ඉහළ නොදමන බවත්, කෙසේ නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් ඕනෑම අවස්ථාවක ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළ යා හැකි බවත් අසේල සම්පත් මහතා සඳහන් කරනවා.

මේ වනවිටත් රටේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ආපන ශාලා වසාදමා ඇති අතර දැනට ක්‍රියාත්මක ඇතැම් ආපන ශාලාවලද කිරි තේ අලෙවි නොකරයි. රටේ පවතින කිරිපිටි හිගය සහ කිරි තේ සඳහා ඉල්ලුම අවම වීම ඊට හේතුව බවයි ආපන ශාලා හිමියන් පවසන්නේ.

අවසන් වරට සිදුකළ මිල සංශෝධනය අනුව කිරි තේ අලෙවි වූයේ රුපියල් 80 ක මිලකටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...