උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): අද (26) දින රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව පැවසේ.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි.

තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමටද එහිදී නියෝග කර තිබෙන බව පැවසේ.

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කළ බවද වාර්තා වේ.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ලවී තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...