පරාටේ නීතියට තාවකාලික විරාමයක් දීම ප්‍රමාණවත් නැහැ. එම පනත කඩිනමින් සංශෝධනය විය යුතු යි – සජිත් (VIDEO)

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන පරාටේ නීතිය පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් හඬක් නැගීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය තාවකාලිකව යම් කාලයකට අත්හිටුවන්න කැබිනට්ටුව තීන්දුවක් ගත්තත් එය ක්‍රියාවට නංවන්න පනත සංශෝධනය කරන්න සිදුව ඇති බවත් ඒ සඳහා කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධන සංශෝධන පනත” මේ සභාවේ සාකච්ඡාවට ලක් කර මෙම සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බවත් එය මෙරට 45 ලක්ෂයකට රැකියා සපයන මේ කර්මාන්තකරුවන් වෙනුවෙන් කරන යුතුකමක් බැවින් ඊළඟ දිනයේ දී මෙය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර සම්මත කර දිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ණය නොගෙවන්න කාලය තිබුණත් අවසානයේ එම මුදල තවත් ණය බරක් බවට පත් නොකර මෙම කාලය තුළ කඩා වැටුණු ගරා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දරාගත හැකි ප්‍රාග්ධනයට ප්‍රවේශය සහ කාරක ප්‍රාග්ධනය ලබා දීමට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...