USDA උප ලේකම්වරිය ජනපති හමු වෙයි. මෙරට කෘෂි නවීකරණ වැඩසටහනට ඇමරිකාවේ පූර්ණ සහාය

Date:

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුරපුර ආකර්ශණය කර ගැනීම එහි ප්‍රමුඛ අරමුණක් බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවට උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික වූහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...