දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් – ඩයනා

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW): දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු බවත්, මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා අප මාර්ගගත ටිකට්පත් මිලදී ගැනීම ක්‍රමවත් කරමින් සිටින බවත්, සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසුවාය.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය

මෙරට සංචාරකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙනවා. මම පසුගිය කාලයේ මේ ගැන හඬ නැගුවා. සංචාරකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, සංචාරක ගමනාන්ත වෙත අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වීඩියෝ පට විකාශය කරමින් සිටි සංචාරකයකුට ලිංගික අතවර කිරීම වැනි විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. මෙම කටයුතු වැළැක්වීමට අප පියවර ගන්නවා. වැරදි කරන කිහිප දෙනෙකු නිසා අප රටේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ නොදිය යුතුයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු බව පැවසිය යුතුයි. මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා අප මාර්ගගත ටිකට්පත් මිලදී ගැනීම ක්‍රමවත් කරමින් සිටිනවා. මෙම ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා. මෙවැනි උපක්‍රම හරහා දූෂණ වංචා පාලනය කළ හැකියි.

ඒ වගේම නීති විරෝධී මත්පැන් අලෙවිය නිසා අපේ රටට කෝටි ගණනක බදු ආදායමක් අහිමි වෙනවා. අපේ රට බෞද්ධ රටක් නිසා බුදු දහමට ගෞරවයක් ලෙස පොහොය දිනට සුරාසැල් වසා දැමිය යුතුයි. නමුත් ඒ දිනවලත් අපේ රටේ අය නීති විරෝධීව මත්පැන් විකුණනවා. ඒවා වළක්වන්න සිටින ඇතැම් නිලධාරීන් අල්ලස් ගන්න තැනට පත් වී සිටිනවා. කිහිප දෙනෙකුගේ දූෂිත ක්‍රියා නිසා මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න බැහැ. එවැනි වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කරන ලෙස මා යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අප තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන තිබෙනවා. ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට අප කටයුතු කරනවා. මේ හරහා අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය තවත් වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා

මෙරට ක්‍රියාත්මක වන SPA සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ විවේචන එල්ල වුණා. එවැනි ස්ථාන වෙනත් රටවල සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනවා. එහිදී රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවා විධිමත් කිරීමට සහ අධීක්ෂණ යාන්ත්‍රණ සංවර්ධනය කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...