කම්කරු දිනයේ බාර් වහන හැටි නිවේදනය කරයි

0
253

මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක වන සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන විවෘතව තැබෙනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

RN