ලංකාවේ කොල්ලනේ! වැඩිපුර ගස්වල තම නම කොටා ගනිල්ලා

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 30, කොළඹ (LNW): ශ්‍රී ලංකා රගර් ඉකුත් වසර කිහිපය ගත කළේ ආසියානු රගර්වලින් සිය ස්වාධීනත්වය විනාශ කරන්නට ගනු ලබන උථ්සාහයට එඩිතරව මුහුණ දෙමින් සටන් කරමින්ය.ආසියානු ක්‍රීඩා උළෙලට වෙනත් ධජයක් යටතේ හෝ ශ්‍රී ලංකාවට සහභාගි වීමට ඉඩ නොදෙන්න සෑහෙන වෙහෙසක් ගත් ආසියානු සභාපතිවරයා ආසියානු ක්‍රීඩා උළෙල අවසාන කළේ,රගර් පිටියේ ලපටි වයසක සිටින ආසියානු රගර් සභාපතිගේ පිළ,වසර සියයකට වඩා පැරණි ලංකාවේ රගර් පස්සට ඇඳ දමමින්ය.


එහෙත් මේ වන විට ඒ ශ්‍රී ලංකා පරිපාලනයේම වර්ථමානය ආසියාන රග්බි පරිපාලනයට මෙල්ල වී හීලෑ වී ආශිර්වාද ලබන්නෝ වි සිටිති.මේ සියල්ල හරහා අහිමි කළේ,දක්ෂතා නඩත්තු නරන්නට තරග නැති වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට බසින ක්‍රීඩකයින්ට ය.ආසියානු රගර් හී බලපෑම නිසා වූ වෙනස්වීමේ අපවාදයට,අපහාසයට සහ අවලාදවලට ලක් වූණේ ක්‍රිඩකයෝය.දැන් තමන්ට කවුද කියා පෙන්වන්නට අවස්ථාව උදා වී ඇත.


මේ තරගාවලියේ උත්සාහක දිණුමක් වෙනුවෙන් දුලබ පැලයක් සිටිවීමේ ක්‍රියාවලියක් ඇත.ඒයට උත්සාහක දිණුම තබන ක්‍රීඩකයාගේ නම ද ඇතුළත් වන්නේය.තමන්ව අපහසුවට අපවාදයට පත් කළ ආසියාවේ තීරණවලටත් උණ දැනෙන්න ශ්‍රී ලංකා ක්‍රීකයින් ක්‍රීඩා කළ යුතුව ඇත.අපි එය එසේ සිඳුවනු ඇතැයි විශ්වාසයෙන් බලා සිටිමු.තරගාවලිය නිමාවේ උත්සාහක දිණුම් වැඩිම ප්‍රමානයක නම් අතර ලාංකිකයන් වැඩි පුර දකින්නට ලැබේවා යන්න පමණක් ප්‍රාර්ථනය හැටියට එක් කරන්නෙමු.


එසේ වුවහොත් දිනන්නේ ලංකාවය.පරදින කණ්ඩායම පමණක් නොව පැරදෙන්නේ ආසියානු සභාපතිගේ සිට ශ්‍රී ලංකාවට විරුද්ධ වූ ආසියානු රගර්වල ඉහළ සිට පහළට සියල්ලෝමය.ඒ සියල්ල එක මිටට තබා පරාජය කිරීම වැදගත්ය.අපි ඒ විශ්වාසයෙන් බලා සිටිමු.එ් විශ්වාසය තහවුරු කරන්නට පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම්වල යෙදී සිටි අයුරු මේ සමඟ වන ඡායාරූපවලින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...