සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 30, කොළඹ (LNW): තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් කථානායකවරයාට ලිපියක් යොමු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ඔවුන්ගේ ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව කථානායකවරයා සඳහන් කළ අතර, වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බව කථානායකවරයා පවසයි.
කථානායකවරයා පවසා සිටියේ, වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බවයි.

