සටහන – නිශ්මං රණසිංහ
අප්‍රේල් 30, කොළඹ (LNW): ශ්‍රී ලංකා බැඩිමින්ටන් දායකත්වය ඇතිව පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් විසින් ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අදාළව පවත්වන මුල් පෙළේ තරගාවලි අතර පාරිසරික සාධක මත සැළකිල්ල යොමු කිරීමේදී ආකර්ශණීයම තරගාවලියක් වන්නේ නුවරඑළියේ පවත්වන බැඩ්මින්ටන් තරගාවලිය ය.එය වඩාත් අලංකාර සහ ප්‍රියමනාප තරගාවලියක් වන්නේ වසන්තය උදාවේ නුවරඑළිය හැඩ වැඩ වෙන මොහොත අළලා ක්‍රියාත්මක කිරීම නිසාමය.
ඒ වසන්ත සෘතුවේ සුන්දරත්වයට මල් පිපෙන නුවරඑළියේ පිහාටුමල්වල හැඩ විකසිත කරන්නට හැඳෙන පරිසරය නිසාම මේ තරගාවලිය ?????? ?????? ???? ????????? ???????????? 2024 ලෙස නම් කිරීමද සුන්දරය. ඒ සුන්දර තරගාවලියේ 2024 දී ප්‍රධාන වශයෙන් විවාත අංශයේ සූරතාවන් තීරණය වූයේ පහත ආකාරයටය.
පිරිමි – සෙනුක් තවීෂ සමරරත්න
කාන්තා – විදාරා සුහන්සි විදානගේ
පිරිමි යුගල – තෙනුක සත්සර ද සිල්වා සහ තරුෂ මධුභානු
කාන්තා යුගල – නිසලි බාලසූරිය,ජනනුවනි අමන්දා ද අල්විස්
මිශ්‍ර යුගල – මාර්සෙලෝ වික්ටෝරියෝ මේනකී,බුත්මි අසනි ගලගමගේ
අවුරුදු 11 න් පහළ සිට 19 පහළ දක්වා වූ බාලක බාලිකා සූරතා බෙදී ගිය ආකාරයත්,ප්‍රවීන තරග අංශවල සූරතා බෙදී ගිය ආකාරයත් ඇතුළු සමස්ත තරගාවලියේම තරග ක්‍රියාත්මක වූ ආකාරය සහ ජයග්‍රහණ වාර්තා වූ ආකාරය පහත සැබඳියෙන් දැක ගැනීමට හැකිය.
https://www.tournamentsoftware.com/sport/draws.aspx?id=176a2dc4-7ad4-4633-ae39-3dc693896abd
මේ සමඟ වන ඡායාරූපවල දැක්වෙන්නේ නුවරඑළි වසන්තයේ පිහාටුමල් ලෙලදුන් අයුරුයි.












