සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග සංචාරයට සමගාමීව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති අතර, මෙම හමුවේදී කලාපයේ ආතතීන් අවම කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ගැටුම තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ක්ෂණික සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාවය පිළිබඳව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇති බව පැවසේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, මැදපෙරදිග සංචාරයක් ආරම්භ කළ අතර, ඔහුගේ පළමු නැවතුම වුයේ, සෞදි අරාබියයි. ඉන් අනතුරුව ජෝදානය සහ ඊශ්‍රායලයේ ඔහු සංචාරය කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඔහු එම සංචාරයේදී කලාපීය හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...