තවමත් රු. 28 ක් පාඩුයි, ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්න බෑ – ගැමුණු විජේරත්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW): මේ වන විට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති අතර,

ඒ අනුව,

ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් රුපියල් 30කින් අඩුකර තිබෙන අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා ඇත, එහි නව මිල රුපියල් 420ක්. සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 333ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377ක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, භූමිතෙල් ලීටරයක් ද රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් බවයි.

මෙම මිල ගණන් වලට සාපේක්ෂව ලංකා අයිඕසී සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 420ක් වන අතර, රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 333ක් වේ.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 9කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 377ක් වන අතර, ‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා ඇති බව සඳහන්වේ.

මේ අනුව, ලංකා පෞද්ගලි​ක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ , ඉන්ධන මිල ගනන් අඩු කිරීම සම්බන්ධයෙන් බස් ඇතුළු සංගම් රැසක් රජයට ස්තූතිය පළකරන බවත්, ඩීසල් මිල අඩුවූවද බස් ගාස්තු වල වෙනසක් සිදුකිරිමට හැකියාවක් නොමැති බවයි.

ඔහු සඳහන් කරන්නේ, ඒ අනුව මාස තුනක් තිස්සේ රුපියල් 28 ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මිල සූත්‍රය අනුව බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් 55 කින් වත් අඩුවිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...