බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දකුණු බ්‍රසීලයට මේ දිනවල අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතින අතර, මෙම අධික වර්ෂාව හේතුවෙන් දස දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු අතුරුදන්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් නගර 100ක පුද්ගලයන් 3,300ක් පමණ අවතැන් ව සිටින බවද එරට මාධ්‍ය වර්තා කරයි.

ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇති බවද පැවසේ.මෙම ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර  20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව තවදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : නාමල් අධිකරණයට ඉදිරිපත්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...