ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වෙයි!

0
343

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රකට සිනමා විශේෂඥයෙකු මෙන්ම ,සිනමාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබූ අයිවන් වීරක්කොඩි මහතා ප්‍රකට සිනමා හා රූපවාහිනී නිර්මාණ රැසක් සිංහලට පරිවර්තය කර  තිබෙන බව සඳහන් වේ.

විෂිශ්ඨ විද්වතෙකු වූ නැසී ගිය ඩී.පී.එම් වීරක්කොඩි මහතාගේ සොහොයුරෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා ITN මාධ්‍ය ජාලයට ද සිය විශේෂඥ දැනුම සැපයූ විද්වතෙකු වන සඳහන්වේ.

වීරක්කොඩි මහාගේ දේහය පිළිබද අවසන් කටයුතු ජාඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (03) පස්වරු 3.30ට සිදු කිරීමට නියමිත බව පැවසේ.