හැඩට තිබුණු බස්නාහිර පාසල් බොක්සිං ගැටුමේ සූරයෝ හොරණින් – සූරියෝ කළුපහණින්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 02 , කොළඹ (LNW): බස්නාහිර පළාත් පාසල් බොක්සිං සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවද මැදිහත්ව සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය ඉලක්ක කරගෙන සමස්ත ලංකා පාසල් බොක්සිං සංගමයේ අධීක්ෂණය ඇතිව පැවත්වූ බස්නාහිර පළාත් පාසල් බොක්සිං තරගාවලිය වෙනම පෙණුමක් ගත්තා.ආකර්ශණීය ලෙස සංවිධානය වී තිබීම නිසාම කොළඹ 2, මේරියම් බාලිකා විද්‍යාලීය පරිශ්‍රය තුළ තෙදිනක් පුරා පැවත් වූ තරගාවලිය,ඉදිරි තරග සංවිධානය වීමේදි මොඩලයක් විදිහට ගත හැකි මට්ටමෙන් ක්‍රියාත්මක වුණා.

තරගාවලියේ බාලක සූරතාවය හොරණ විද්‍යාරතනය විසින් දිනා ගත්තා.ඔවුන් ඒ සඳහා රන් පදක්කම් 4 ක්,රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තා.කොළඹ සහිරා ව්ද්‍යාලය විද්‍යාරතනයට කරට කර සටනක් ලබා දෙමින් රන් පදක්කම් හතරක් දිනා ගත්තද ඔවුන්ට එකඳු රිදී පදක්කමක්වත් දිනා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ.ඒ නිසා ඔවුන් දිනූ ලෝකඩ පදක්කම් දෙකද සමඟ තරගාවලියේ අනු සූරතාවයේ රැඳෙන්නට ඔවුන්ට සිඳු වුණා.රන් පදක්කම් 3 ක් ද රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් 2 බැඟින් ද දිනූ කොළඹ නාලන්දය තෙවන තැනට පත් වුණා.

බාලිකා සූරතාවය දිනා ගත්තේ කළුපහන විද්‍යලීය බොක්සිං කණ්ඩායමයි.ඔවුන් රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගන්නට සමත් වුණා.රන් පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් දිනූ පල්ලේවෙල මහා විද්‍යාලය අනු සූරයින් බවට පත් වුණා.කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලය පදක්කම් වර්ග තුනෙන්ම දෙක බැඟින් දිනා ගෙන තෙවැන්නන් බවට පත් වුණා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙන්නට කොළඹ සහිරාවේ අබ්දූල් රහ්මන් සමත් වෙන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කළ ඩබ්ලිව් එස් රණසිංහ දක්ෂතම පරාජිතයා ලෙස ඇගයීමට ලක් වුණා.මෙවර බස්නාහිර පළාත් තරගාවලියට ජාත්‍යන්තර පෞද්ගලික පාසල්වල සහභාගීත්වය දකින්නට ලැබීම ක්‍රිඩාවේ ප්‍රවර්ධණයට යහපත් ලකුණක් හැටියට දැකිය හැකියි.එහි ප්‍රතිපලවල යහපත්කම පෙන්වමින් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එච්එම්කේජී හේරත් දක්ෂතම බොක්ෂිං ක්‍රීඩිකාව වුණා.පරාජිත දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ මීගමුව ශාන්ත ජෝෂප් පාසලේ ඩී.ඩී. නොවන්යා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...