නොර්වේ තානාපතිනිය සහ අනුර දිසානායක අතර හමුවක්!

කොළඹ LNW: ඉන්දියාවේ, නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබේ.

මෙම හමුව සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා වූ John Bjerkem,ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් දෙපාර්ශ්ව සාකච්ඡාවට ගෙන තිබෙන අතර ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද දෙපාර්ශවයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට වෙත ප්‍රධානය කෙරෙන් ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

තමන් මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදු කරනු ලබන පළමු හමුව මෙය බවද තානාපතිනි May-Elin Stener පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...