නොර්වේ තානාපතිනිය සහ අනුර දිසානායක අතර හමුවක්!

Date:

කොළඹ LNW: ඉන්දියාවේ, නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබේ.

මෙම හමුව සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා වූ John Bjerkem,ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් දෙපාර්ශ්ව සාකච්ඡාවට ගෙන තිබෙන අතර ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද දෙපාර්ශවයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට වෙත ප්‍රධානය කෙරෙන් ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

තමන් මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදු කරනු ලබන පළමු හමුව මෙය බවද තානාපතිනි May-Elin Stener පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...