චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී ..

පනස් හතර හැවිරිදි චාලි චැප්ලින්, දහ අට හැවිරිදි ඌනා ඕ’නීල් හමුව, “සොඳුර, මා හා විවාහ වන්න, ඔබට මා ජිවත්වන හැටි කියාදෙන්නම්, ඔබ මට සතුටින් මරණය තෙක් පියනඟන’යුරු කියාදෙන්න” යැ කීය.

ඊට පිළිතුරු දුන් ඌනා, “චාලි, මා ඔබ හා විවාපත් වන්නම්. නමුත් ඔබ ඇසූව වෙනුවට, හැකි නම් ඔබ මට මුහුකුරා වියපත්වන හැටි කියා දෙන්න. මම ඔබට තුරුණුව වෙසෙන හැටි කියා දෙන්නම්” යැ කීය.

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

චාලි හදවතින් තුරුණුව අසූ අට අවුරුද්දක් ජීවිතය ගෙවා තිබිණි.

එක්තරා සීත වූ දෙසැම්බර් විසිහතර වන දා වක, රෝද පුටුවට සීමාව සිටි අසූ අට හැවිරිදි චාලි චැප්ලින් සිය බිරින්දෑ වූ ඌනා සමගින් අවසානම වතාවට කෙටි සැදෑ සවාරියක නියැලී ගෙට වන්හ. 1977 හි සීතල නත්තල උදා වී තිබුණු අතර අළුයම් පළමු හෝරාවේදී සිය දරුවන් අටෙන්, හත් දෙනෙකුගේ උණුසුම් ආදරය මධ්‍යයේ, පිය ඌනා ගේ කදුළු පිරි දෙනෙතෙහි දුටු උතුරා පිටාර ගැලූ සෙනේහය දකිමින් චැපිලින් සිය විඩාබර හෘත් පේශීන් සදාකාලයටම විරාම ගන්වා තිබිණි!

එලෙස සාමකාමී මරණයකින් නිශ්චලව ගිය දේහයට සාමයක් උදා නොවුනේ කිසිවෙකු සොහොන බිඳ පොළෝ කැන චාලි චැප්ලින් ගේ මළ දේහය සොරාගෙන ගොස් තිබූ බැවිනි.

තොරතෝන්චියක් නැති දුරකතන ඇමතුම් විසි හතකින් සිදුකළ බිගැන්වීම්, කරදරකිරීම් හා අපහාසයෙන් පසු මළ දේහය සදහා පවුම් 40,000ක කප්පමක් ඉල්ලා තරුණ කටහඩක් පාරම් පා තිබිණි.

සිනාමුසු මුහුණින් සියල්ල පිළිකෙව් කොට තිබූ ඌනා මහත්මිය ඒ අසැබි තරුණයා අමතා මෙසේ පැවසීය,

“මළ කුණ ඔබ ලග තබා ගන්න, චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී”

දුරකතනය පසෙකින් තැබූ ඌනා, චාලි ගේ මළකුණ හැරදා පියා සුවපහසු නින්දකට වන් හ. බාග දා, ඈ තිස් හතර අවුරුද්දකට පෙර විවා යෝජනාවේ දෙපොරොන්දුව හීනයෙන් දැක ගන්නට ඇත!

ඓතිහාසික ජායාරූප නොසැලෙයි‘ පිටුවෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...