බහමාස් ප්‍රශ්නය සමාජ ගතවෙන අයුරු අවදානම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 03, කොළඹ (LNW):“බහමාස් යවන්න මහන්සි වෙන්න කම්මැලිනම් මේ දරුවො ඩුබායි යවන්න තිබුණනෙ.”

මිනිස්සුන්ගෙ ලේවල දැන් ඉස්සරට වඩා ක්‍රිඩාව කලවම් වෙලා තියෙනවා.විශේෂයෙන්ම මේ මෑත කාලීනව ක්‍රීඩාව සමාජයට මුහු කරන්න බලපෑවෙ තරුෂි මීටර් 800 ඉසව්වෙ දිනපු රන් පදක්කම.

ගේ ළඟ කඩේට යන හැම වෙලාවකම අර පොඩි එකී යන්නෙන් පටන් ගෙන තරුශි ගැන කතා කරන අසල්වැසි මුදලාලි කෙනෙක් මට ඉන්නවා.ඔහුට කඩේට ගොඩ වෙන කොයි මොහොතෙ හරි තරුශි ගැන අහන්න දෙයක් තියෙනවා.තරුශි ප්‍රධාන කොට ආසියානු ක්‍රිඩා තරගාවලියෙ පදක්කම් ගත්තු හැම කෙනාම මලල ක්‍රිඩාව විශේෂ කර ගත්තු කැමත්තක් සමාජයට බෝ කළා.

ඒ පදනම මත තමයි මේ සටහනෙ උඩම සඳහන් ප්‍රශ්නය අහන්නෙ.එතකොට ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ සමස්ත තරග කාල සටහන ගැන.ඒ නිසා මගේ පිළිතුර වුණේ සමහර මෙවැනි ග්‍රෝන් ප්‍රී තරගවලට හැම ඉසව්වක්ම ඇතුළත් වෙන්නෙ නැහැ කියලා.ඒත් මේ වෙන කොට එහි තරග කාල සටහන නිකුත් වෙලා තියෙනවා.ඒකෙ මීටර් 400 වගේම මිටර් 400 සහය දිවීමත් තියෙනවා.එහෙම බලනකොට බහමාස් යවන්න ගොඩක් මහන්සි වෙන්න වෙන එකට අකමැතිනම් ඊට අඩු මහන්සියකින් ඩුබායි හරි යවන්න තිබුණා කියලා මුලින් පුද්ගලයා කරන යෝජනාව නිවැරදියි.

හැබැයි ඉස්සර පාන් ගෙඩියට,හාල් කිලෝ එකකට,සිමෙන්ති කොට්ටයකට මිල වැඩි කරාම හෙණ ඉල්ලපු මිනිස්සු දැන් වෙන කොට මේ ප්‍රවෘත්ති දැකලත් හෙණ ඉල්ලන තැනට පත් වෙලා තියෙනවා.දුවන උන්ගෙ පනින උන්ගෙ මහන්සිය ආතල් එකකට වැඩිය බර එකක් හැටියට සහ සරල සෙල්ලමක් නොවේ කියන එක කියවා ගන්න පුළුවන් සමාජ දැණුමක් නිර්මාණය වෙලා තියෙනවා.ඒ නිසා ඉස්සරහට මිනිස් විරෝධය පළල් විදිහට මලල ක්‍රීඩා පරිපාලනයට එන්න පුළුවන් කියන කාරණය සමාජය තුළ බහමාස් සංවාදය හරහා තේරුම් ගන්න බල කරමින් තිබෙනවා.

යම් දෙයක් සම්බන්ධයෙන් විශ්වාසය බිදී යාමෙන් පසුව ඇති වන තත්ත්වයේදී විරෝධතා පුළුල් වීම සමඟ සිඳුවිය හැකි නරකම දෙයක් වන්නේ විෂයට අදාළ නියම කරුණු වෙනුවට එය සම්බන්ධයෙන් මිනිසුන් විසින් තමන්ගේ සිතැඟි පරිදි සමාජය තුළ රෝපනය කරන විවිධ මතවාදයි.එය ද ක්‍රීඩාවට එතරම් යහපත් නැහැ.ඒ නිසා මෙවැනි ගැටළුකාරී දේවල් ගැන ජාත්‍යන්තර මව් සංගමය ද දැනුවත් කර අවශ්‍යය උපදෙස් හෝ දඬුවම් දීම ට ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති බලතල භාවිතයට ගත යුතුයි.හැබැයි එය ඇමතිගේ බලය ලෙස නොව ජාත්‍යන්තර සංගමය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිඳු විය යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...