අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනා ගැන තින්දුව මැයි 31!

කොළඹ LNW: 2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොණු කර තිබුණු නඩුවේ නියෝගය එළඹෙන 31 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඒ බව අද (03) කොළඹ මහාධිකරණය දැනුම් දෙනු ලැබීය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම මූලික විරෝධතා මතු කරමින් ඉල්ලා සිටියේ එම නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...