අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය හෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 05, කොළඹ (LNW): හෙට( 6) සිට 15 දා දක්වා, අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය 2023(2024) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 3,87,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331 ක් වශයෙන් අයදුම්කරුවන් 4,52,979 ක් පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

විභාග දෙපාර්තමේන්තුව පැවසූවේ, විභාග ප්‍රශ්න පත්‍ර පැකට් නිකුත් කිරීම හා උත්තර පත්‍ර බාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535 ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33 ක් පිහිටුවා ඇතැයිද ඒවා සියල්ල මේ වන විට ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...