සංචාරක වීසා ගාස්තු ගැන තීරණයකට එයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): අමාත්‍ය මණ්ඩලය විසින් සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම අද සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී තිබේ.

ඊට අමතරව, මෙරටට විදේශිකයෙකු ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරණු ඇතති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...