සංචාරක වීසා ගාස්තු ගැන තීරණයකට එයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): අමාත්‍ය මණ්ඩලය විසින් සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම අද සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී තිබේ.

ඊට අමතරව, මෙරටට විදේශිකයෙකු ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරණු ඇතති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...