කොළඹ LNW:මෙරට විදේශ සංචිත ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම වසරේ දී ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියල 9.6%කින් අතික්‍රමණය වී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.
මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙලෙස සංචිත ඉහළ යමින් තිබෙන්නේ තවදුරටත් විදේශ ණය නොගෙවන පසුබිමකය.
ASK