කොළඹ නගර සභාවෙන් නෙට්බෝලයට යස මුසුවක්

Date:

කොළඹ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ ඒකකය සංවිධානය කරන නගරාධිපති කුසලාන නෙට්බෝල් තරගාවලිය නෙට්බෝල් ක්‍රීඩාවට අලුත් හැඩයක් එක් කරන තරගාවලියකි.කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයම එක්ව තරග කරන කණ්ඩායම් අටක් මෙම තරගාවලියේදී නගරාධිපති කුසලානය අපේක්ෂාවෙන් තරග වඳින්නට නියමිතය.සෑම කණ්ඩායමක්ම සෑම විටකට ආරක්ෂක පෙළ,මැද පෙළ සහ ප්‍රහාරාත්මක පෙළට අයත් ස්ථාන තුනේ පිරිමි ක්‍රීඩකයන් තිදෙනෙක් යොදවා ක්‍රීඩා කිරීම මෙම තරගාවලියේ අත්‍යවශ්‍යය සාධකයකි.

මාර්තු මස 24 සහ 25 යන දෙදින තුළ කොළඹ බිආර්සී ක්‍රීඩාංගණයේදී පැවත්වෙන මෙම තරගාවලිය සඳහා කොළඹ නගර සභාව මහජන මුදල් යෙදවීමෙන් වැළකී සියල්ල සඳහා අනුග්‍රාහකයන් සොයා ගෙන තිබීම කැපී පෙණෙන කරුණකි.ජට් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛව සිංගර්,චාන්ස්,රොවෙල්,ෆැෂන් බග්,කූල් ප්ලැනට් යන ආයතන මෙන්ම නගරසභාවේ ක්‍රීඩා අංශ නිලධාරියෙක් වන සමන් හේවාවිතාරණ ද මෙහිදි අනුග්‍රාහකයන් ලෙස මෙ ඉසව්වට සම්බන්ධ වි සිටීයි.

මෙහිදී මෙම විශේෂ අවස්ථාව සම්බන්ධයෙන් ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන්ට යම් වාරණයක් යොදා තිබෙන බව ජාතික නෙට්බෝල් සම්මේලනයට සම්බන්ධ ආරංචි මාර්ග හෙළිකරන අතර ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් යම් ආබාධයකට ලක්වීමට ඉඩ ඇති බවය.නමුත් ඔවුන් පුහුණු කාලයේදී ක්‍රීඩක සංයුතිද යොදගෙන වෙහෙසකර පුහුණුවීම්වල යෙදෙන බව දැන ගන්නට ඇති බැවින් මෙම ඓතිහාසික අවස්ථාව මඟ හැරීම ජාතික කණ්ඩායමේ ශරීර සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් ලෙසම ගත නොහැකිය.

ආසියාතික මට්ටමෙන් නෙට්බෝල් ක්‍රිඩාවෙන් පොහොසත්ම රට හැටියට සැළකෙන ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩා පරිපාලනය බොහෝ විට ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගැහැණියගෙන් ඔබ්බට ගොස් කටයුතු නොකරන තත්ත්වය ක්‍රීඩිකාවන් ක්‍රීඩාවට එක් කරන අපූර්ව ජවයට සාධාරණයක් සහ අලංකාරයක් එක් නොකරන බව දකින්නට ඇති තත්ත්වයකි.ඒ නිසාම වරින්වර නෝනාවරුන්ගේ කල්ලි ලෙස නැඟෙන රැලිවලට අසුව නෙට්බෝල් සාර්ථකත්වය ගසාගෙන යාම දකින්නට ලැබීම ඛේදණිය තත්ත්වයකි.එවැනි පරිසරයක මෙවැනි අලුත් සිතීම් හරහා නෙට්බෝල් ක්‍රීඩාවේ හැඩය වෙනස් සමාජ ආකර්ශණයකට ලක් කිරීම යහපත් තත්ත්වයක් අතර මෙම තරගාවලියට විවිධ සූරතා දිනා ඇති සහ ජාතික මට්ටමේදී දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා සමාජ අටක් සහභාගි වේ.

කොළඹ නගර සභා කණ්ඩායම,ශ්‍රී ලංකා පොලිසිය,ශ්‍රී ලංකා යුද හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව,රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම,කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම,අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම සහ බස්නාහිර යුනයිටඩ් කණ්ඩායම නගරාධිපති කුසලානය වෙනුවෙන් තරග බිමට පිවිසෙන කණ්ඩායම් ය.
ඡායාරූපයේ ඇත්තේ තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් නායකයන් කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා සහ විනෝදාංශ අධ්‍යක්ෂිකාව සමඟ නගරාධිපති කුසලනය ඉදිරිපිට තබාගෙන සමූහ ඡායාරූපයකට එක් වූ අයුරුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...