(VIDEO):VFS ජාතික මංකොල්ලයක්.අවුරුද්දට කෝටි 1800ක වංචාවක් වෙනවා – චම්පිකගෙන් විශේෂ හෙළිදරව්වක්!

Date:

කොළඹ LNW:ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත් පාතාල දේශපාලනයේ යෙදෙන අයට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“මේ රට ඉදිරියට යන්න ඕන නම් මේ රට ආර්ථිකමය වශයෙන්, ඒ වගේම මේ ණය ගෙවීමේ කටයුතු කරගෙන යන්න ඕන නම් මේ ගුවන්තොටුපළ පමණක් නෙවෙයි, රාජ්‍ය අංශයේ, අපගේ ආංශික කාරක සභාවලින් මේ අපගේ පාරවල් හදලා තියෙනවා වගේ විදුලි බලය සපයලා තියෙනවා වගේ අපට අත්‍යවශ්‍යයි ඩිජිටල් යටිතල පහසුකම රටපුරා ව්‍යාප්ත කරන්න. රට ඊළඟ ආර්ථික පිම්ම ගන්න නම් මේ ණය බරෙන් ගොඩ වෙන්න නම් අලුත් ආදායම් ඇති කරන්න නම් අලුත් රැකියා ඇති කරන්න නම් මේ ඩිජිටල් ආවරණය අපිට අවශ්‍යයි. මේ ඩිජිටල් යටිතල පහසුකම් අවශයයි. හැබැයි ඒක පාතාල දේශපාලනයේ නියැලෙන අයට ඉඩ දිය යුතු නැහැ.”

බැංකු පොලු තබාගෙන මහත්වරුන් මෙන් පෙනී සිටින, ලේ උරා බොන මාපිලන්ගේ ලැයිස්තුව වහාම පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර වීසා බලපත් ලබාදීම VFS සමාගම වෙත භාර දීම ජාතික මංකොල්ලයක් බව අවධාරණය කළ රණවක මහතා මෙමගින් වසරකට කෝටි 1800 ක වංචාවක් සිදුවිය හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

“වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී, විදේශ සමාගමකට ලබාදීලා තියෙන අවස්ථාව 2012 දි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. මේක හඳුන්වලා දීලා දුන්නු අවස්ථාවේදී මේ ඔන්ලයින් වීසා ක්‍රමය අපගේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අවස්ථාවේදී සිංගප්පූරුවේවත් එවැනි ක්‍රමයක් තිබුණේ නැහැ. අද වෙනකොට ඒ සිංගප්පූරු ගුවන්තොටුපල ඒ වගේම සෝල් ගුවන්තොටුපල පියවර ගණනාවක් ඉදිරියට ගෙනිහිල්ලා ඒ ක්‍රියාවලිය දියුණු තියුණු කරලා ඉදිරියට ගෙනිහින් තියෙනවා. අපි එක වතාවයි මේක දියුණු කරලා තියෙන්නේ. මේක තවදුරටත් අපිට දියුණු කරන්න පුළුවන්. හැබැයි අද මේ පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් කරනවා කියලා. හැබැයි මෙතන අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අර පැරණි ක්‍රමයම, පුද්ගලික ක්‍රියාවලියක් හරහා කරනවා. එක ඩොලරය යන තැනට හෑම සංචාරක ඩොලර් විසි හයක් ලබා ගන්නවා. මෙතන අපේ රවුෆ් හකීම් ඇමතිතුමා පෙන්නලා දුන්නා වගේ මේකෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් කෝටි 1800 ක් අවුරුද්දකට කොල්ල කන තත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා නොයෙක් කතා පවත්වලා වැඩක් නෑ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි. කවුද මේවට එකඟ වුණේ? කොහෙද මේ ගනුදෙනු කෙරුණේ කියන එක ගැන ඉතා අවශ්‍යයි මේ පිළිබඳව ක්‍රියා කිරීමේදී.” යනුවෙන් රණවක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...