තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW):මෙරට ත්‍රිවිධ හමුදාවේ සේවය කල හමුදා විශ්‍රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී ඇති බව වාර්තා වේ.

ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාදෙන බව පවසමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

මේ වන විට හෙළිවී තිබෙන්නේ, එසේ නොමග යවා එම රටවලට රැගෙන යන පුද්ගලයින් කුලී හමුදාවන්ට අනුයුක්ත කර කිසිදු පහසුකමක් ලබානොදෙන බවයි.

එමෙන්ම ඔවුන්ට යුද්දයේ දී බරපතළ තුවාල සිදුවීමක දී කිසිදු හව්හරණයක් නොලැබෙන අතර ඇතැම් පුද්ගලයින් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව ද වාර්තා වේ.

නාවික හමුදාව ඉල්ලා සිටින්නේ, එම ජාවාරමට හසුනොවන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන්නන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කරන ලෙසයි.

එම තොරතුරු දැනුම් දිය හැකි දුරකථන වන්නේ, 0117192142 හෝ 0117192250 යන දුරකතන අංකවලටයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...