ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අදට වසර දෙකක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): 2022 වසරේදී ගාලුමුවදොර අරගලභූමියේදී දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද  ට වසර දෙකක් වේ.

එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් නොසන්සුන් අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මුළු රටම එකම යුද පිටියක් බවට පත් විය.

මෙහිදී සංවිධානාත්මක පිරිස් මහමග ගමන් ගත් බස්රථ, පොදු හා පෞද්ගලික දේපළ විනාශ කරමින්  හානි රැසක් සිදු විය.

එහිදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඇතුළු කිහිපදෙනකු ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදු විය.

ඉන් නිවාස 62ක් එවකට පැවැති රජයේ මැති ඇමැතිවරුන්ට අයත් ඒවාය. ඊට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අයත් දේපළ රැසක් ද විනාශ විය.

එම අවස්ථාවේදී බරපතළ ලෙස රටේ පැවැති ගෑස්, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමේ දිගු පෝලිම්, විදුලි කප්පාදුව වැනි සිද්ධි මත පැනනැඟුණු දැඩි මහජන පීඩාව හේතුවෙන් මතුවූ අරගලය අවසන් වූයේ එවක ජනපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම රජය  අවසන් කරමින් වීම එදා සිදු වූ විශේෂම සිදුවීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...