ලන්සා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඇති වූ මතගැටුමක් හේතුවෙන් ලන්සා මහතා මීට පෙර ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම තීරණය වෙනස් කෙරිණි. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනස් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

මෙවර ඔහු ඉල්ලා අස්වූයේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...