පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි – ප්‍රධානියා විලී ගමගේ!

Date:

කොළඹ LNW:ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කෙරිණි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානය ආසන්නයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටා තිබේ.

14000 ක් පමණ වන මෙරට ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගනිමින් මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර පරිගණක 160 ක් ආධාරයෙන් සකස්කළ දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කටයුතු සිදුකෙරේ.

ඒ වෙනුවෙන් සැදුම්ලත් කාර්යය මණ්ඩලයක් මේ සදහා යොදවා සිටින අතර දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.

සෑම ආසනයකටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් නියෝජිතයෙකු බැඟින් මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ කර ගන්නා බවද ඒ ඒ අනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මෙම මෙහෙයුම් කාර්යාලය සක්‍රියව දායකකර ගන්නා බවද එම පක්ෂය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු ඇමැති චමල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කාංචන විජේසේකර, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත්, ඩී.බී හේරත්, පියල් නිශාන්ත, ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ඩී.වීරසිංහ, කෝකිලා හර්ෂණී, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...