අද රන් මිල

සටහන – රෂිකා හෙන්නායක

මැයි 11, කොළඹ (LNW): වෙළෙඳපොළ දත්ත අනුව මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

අද (11) දවසේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 177,600ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (10) රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 193,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.