එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වී තිබෙන බව වාර්තා වේ.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර, විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සිටින බව පැවසේ .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වී තිබෙන බව සඳහන් වේ.

සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බවද එහිදී ප්‍රකාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...